No products in the cart.
Return To Shop

රු 9,020.00
පුංචි ගාථාවකින් අරුත් කැටි කරන ලද විසිතුරු ධර්මයන්ගෙන් හෙබි “ධම්ම පදය” ඉතා රසවත්ය. එම උතුම් ගාථා රත්නයන් දේශනා කිරීමට පාදක වී ඇති කථා ප්‍රවෘත්තීන් ද හරි අගනේය. “ධම්ම පදය” නම් වූ රසාසාරය මටසිලිටි භාෂාවකින් කියවන්නට ලැබේනම් කෙතරම් අගනේද? එමෙන්ම එම ගාථාවලින් මතුවන දහම් කරුණු විස්තර වශයෙන් තෝරා දීමත්, එයට පසුබිම් වූ කථා වස්තූන් මනස්කාන්ත භාෂා රටාවකින් එකම පොතකින් කියවා දැනගැනීමට ලැබේනම් එය ඊටත් වඩා භාග්‍යයක් නොවේද. ඒ උතුම් භාග්‍ය ඔබට තිළිණ කරමිනුයි “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය” පොත් පෙළ එළි දැක්වූයේ.
ධර්මාශ්වාදයෙන් සිත් සතන් පිනා යන මෙම ග්රන්ථයන් කියවද්දී මෙමඟින් දම් රස වෑහෙන අයුරු ඔබටම පසක් වේවි. මෙහි ඇති තවත් සුවිශේෂීත්වයක් වන්නේ, සෑම ගාථාවක් උදෙසාම අරුත් ඉස්මතු වන අයුරින් නිමැවූ සුන්දර සිතුවම් පෙළකින් සමලංකෘත වී තිබීමයි.
ගාථා 423 කින් සමන්විත වූ ධම්මපදය වග්ග 26 යටතේ ගොනුවී තිබේ. එනිසා කුඩා ප්‍රමාණයේ පොත් 26 කින් යුතු පොත් පෙළක් වශයෙනි, මෙම ග්‍රන්ථය ඔබට තිළිණ වන්නේ. කුඩා වයසේ පසුවන දරුවන්ටත්, තරුණ, මහළු කා හටත් එකසේ ප්‍රයෝජනවත් වන මෙම ධර්මයන් රස විඳිමින් ඊට අනුව ජීවිතය ගතකරන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද….?
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
| Weight | 3.5 kg |
|---|
රු 500.00
රු 400.00
Tharuk thewnaka –
මහාවංසය
Tharuk thewnaka –
මහාවංශය