No products in the cart.
Return To Shop

රු 1,200.00
මහමෙව්නාවේ පාලි – සිංහල පිරුවානා පොත් වහන්සේ නම් වූ මෙම ග්‍රන්ථයෙහි සාමාන්‍යයෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවලදී සජ්ඣායනා කරනු ලබන සූත්‍ර දේශනාවන් සිංහල අර්ථ සහිතව ම දක්වා තිබේ. සරල හා මටසිලුටු භාෂා ශෛලියකින් හෙබි එම සිංහල අර්ථ ද සමග පිරිත් දේශනාවන් සජ්ඣායනා කරද්දී අර්ථ මනාකොට අවබෝධ වීම නිසා සිතෙහි ශ්‍රද්ධාව ජනිතව වැඩෙන බැවින් එයින් පින ද වැඩී යයි. මෙම පොත් වහන්සේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවලදී හෝ තම තමන් විසින් කියාගන්නා වූ පිරිත් දේශනාවලදී භාවිතා කොට මෙලොව ජීවිතයට යහපතත් රැකවරණයත් සැනසීමත් උදාකරගත හැකිය.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
මේ මහා භද්‍රකල්පයෙහි ලොවට පහළ වී වදාළ සතරවෙනි බුදුරජාණන් වහන්සේ වන අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයත් රැකවරණයත් ආශිර්වාදයත් උදෙසා අපි ඉතාමත් ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යමු. දුර්ලභ මිනිස් ජීවිතය වෙත සදාකාලික ආලෝකයක් උදා කර දිය හැක්කේ පරම දුර්ලභ වූ බුදුසසුනට පමණි. තෙරුවන් සරණ ගිය බෞද්ධයා මෙකරුණ මැනැවින් සිහියේ දරා සිටින්නෙකි. එනිසා ම දෛනික ජීවිතයේ විශේෂ අවස්ථාවන්හී දී ආශිර්වාදය සලසා ගන්නේ උතුම් තුනුරුවන් සරණ තුළින් ම ය. බාහිර පිහිටක් පිළිසරණක් සෙවීමක් සැබෑ බෞද්ධයෙකුට අයත් දෙයක් නොවේ. එනිසා ම ලක්දිව වැඩ සිටි ත්‍රිපිටකධාරී මහා තෙරුන් වහන්සේලා විසින් සැදැහැවත් බෞද්ධයන්ගේ ජීවිතවලට ආරක්ෂාවත් සැනැසීමත් සැපතත් උදෙසා සියවස් ගණනක් මුළුල්ලේ භාවිතයට පැමිණි පිරිත් පොත මේ රට තුළ සම්භාවනාවට පත් වූයේ පිරුවානා පොත් වහන්සේ නමිනි. ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව එම පිරිත් දේශනාවන් සමඟ තමන්ගේ මුළු ජීවිතය ම රඳවාගෙන තිබුණි. තුන්යම් රාත්‍රියක් මුළුල්ලෙහි මහත් ශ්‍රද්ධා භක්තියෙන් යුතුව සජ්ඣායනා කරනු ලබන පිරිත් ධර්මය ශ්‍රවණය කිරීමට සැදැහැවත් ජනතාව මහත් සේ රුචි කරති.
පිරිතෙන් සෙත සැලසෙන්නේ ගණ පිහිටුවා කීමක් නිසා නොව පිරිතේ අන්තර්ගත වන සත්‍යයේ ආනුභාවය නිසා ය. එනිසා යි සෑම පිරිත් සූත්‍රයක් අවසානයේ ම “ඒතේන සච්චේන සුවත්ථි හෝතු!” යනුවෙන් සඳහන් වන්නේ. සත්‍යය වනාහී කුමන භාෂාවකින් පැවසුව ද සත්‍යය ම ය. මහමෙව්නාවේ පාලි – සිංහල පිරුවානා පොත් වහන්සේ නම් වූ මෙම ග්‍රන්ථයෙහි සාමාන්‍යයෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවලදී සජ්ඣායනා කරනු ලබන සූත්‍ර දේශනාවන් සිංහල අර්ථ සහිතව ම දක්වා තිබේ. සරල හා මටසිලුටු භාෂා ශෛලියකින් හෙබි එම සිංහල අර්ථ ද සමග පිරිත් දේශනාවන් සජ්ඣායනා කරද්දී අර්ථ මනාකොට අවබෝධ වීම නිසා සිතෙහි ශ්‍රද්ධාව ජනිතව වැඩෙන බැවින් එයින් පින ද වැඩී යයි. මෙම පොත් වහන්සේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවලදී හෝ තම තමන් විසින් කියාගන්නා වූ පිරිත් දේශනාවලදී භාවිතා කොට මෙලොව ජීවිතයට යහපතත් රැකවරණයත් සැනසීමත් උදාකරගත හැකිය.
| Weight | 0.77 kg |
|---|
රු 380.00
රු 980.00
dmrdisanayaka –
good
ප්‍රභාෂ්වර –
🙏පිරිතේ පාලි බස හි අරුත් සරලව දැන ගැනීමට මෙම පිරුවානා පොත් වහන්සේ මට මහෝපකාරී විය.
methul701 –
බොහෝ වටින පොත් වහන්සේ නමක්, පිරිසිදුයි පිලිවලයි හැම අතින්ම වටිනවා.
පොත අතට ලැබෙනකොට හොදට පැකේජින් එකත් හොදට තිබ්බා.