No products in the cart.
Return To Shopරු 400.00
නවාංග ශාස්තෘ ශාසනය තුළ උතුම් “ගාථා” නම් වූ ශාසනයටය “ධම්ම පදය” අයත් වන්නේ. පරම ගම්භීර වූ මිහිරි ශ්රී සද්ධර්මය පද කිහිපයකට ගලපා දේශනා කරන ලද “ධම්ම පදය” තුළින් ඉස්මතු වන්නේ ධර්මයේ ඇති ආශ්චර්යයි. එනිසාම දුරාතීතයේ පටන් ශාසනකාරී ගිහි පැවදි බොහෝ දෙනා උතුම් ධම්ම පදය දැන ඉගෙන ගැන්මට මහත් කැමැත්තක් දැක්වූහ. ධම්මපදයේ විස්තර වන ගම්භීර වූ දහම් අර්ථය පහසුවෙන් තේරුම්ගෙන මතක තබා ගත හැකි සරල සුගම බස්වහරකිනි, මෙම උතුම් ග්රන්ථය රචනා වී ඇත්තේ.
සෑම විටම ලඟ තබා ගතහැකි, මතක තබා ගතහැකි, සරල සුගම බස් වහරකිනි, මෙම උතුම් ග්රන්ථය සම්පාදනය වී තිබීම ඔබට තවත් පහසුවකි.
ධම්ම පදයේ ඇතුලත් උතුම් ගාථා රත්නයන් ගණන 423 කි. එය වර්ග 26 යටතේ ගොනු වී තිබේ. මෙම උතුම් ගාථා රත්නයන් අර්ථ සහිතව ඉගෙන ගැනීම, සජ්ඣායනා කිරීම, කටපාඩම් කර ගැනීම, නුවණින් විමසමින් ජීවිතයට පුරුදු කර ගැනීම තුළින් ජීවිතයට සැලසෙන්නේ ප්රමාණ කළ නොහැකි යහපතකි.
(මෙම උතුම් ග්රන්ථ රත්නයේ අන්තරගත වන්නේ ධම්මපදය පාලි ගාථාව සහ සිංහල තේරුම ය. ඒ ඒ ගාථාවේ නිදාන කතාව මෙහි අන්තරගත නොවන අතර එය අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය පොත් පෙළෙහි අන්තරගත වේ.)
Weight | .165 kg |
---|
රු 700.00
රු 550.00
Pathumi Inoshika –
Damma padaya& mahawanshaya