විටෙක මේ සිත,
මලක් සේ පිවිතුරු ය.
සඳක් සේ පියකරු ය.
ගලක් සේ දරදඬු ය.
විලක් සේ නිසසල ය.
යෝධයෙක් සේ හැඩිදැඩි ය.

විටෙක මේ සිත,
පුළුන් රොදක් සේ සැහැල්ලු ය.
සමනළ තටු සේ සිනිඳු ය.
මල් පෙත්තක් සේ සියුමැලි ය.
ලා පවනක් සේ මෘදු ය.
ගීතයක් සේ මියුරු ය.
ගලනා දිය දහරක් සේ කෝමළ ය.
හා පැටියෙකු සේ අහිංසක ය.

විටෙක මේ සිත,
සයුරේ නැගෙන රළගෙඩි සේ ප්‍රචණ්ඩ ය.
වග වලසෙකු සේ ගොරසැඩි ය.
කැරපොත්තෙකු සේ හිරිකිත ය.
පොළඟෙකු සේ විසකුරු ය.
දිවියෙකු සේ රුදුරු ය.
මී හරකෙකු සේ මෝඩ ය.

විටෙක මේ සිත,
ආඳෙකු සේ ලිස්සන සුළු ය.
කිඹුලෙකු සේ කෑදර ය.
හිවලෙකු සේ කපටි ය.
හස්ති රාජයෙකු සේ සාඩම්බර ය.
අසරණ බැල්ලියක සේ නිවට ය.

එවන් සිත ජයගත හොත්
ඔබ සිතෙන් නිදහස් වෙයි !

Weight 0.128 kg

2 reviews for ඔබේ සිත සමඟ පිළිසඳරක් – Obe Sitha Samaga Pilisadarak

  1. Indunilroshan Amarashinghe –

    One book

  2. Binul nethaka –

    අහෝ සදහම් අසිරිය විදහා දක්වන මහඟු පොත් වහන්සේ නමක්

Add a review

Your email address will not be published. Required fields are marked