No products in the cart.
Return To Shop

රු 900.00
“රහතන් වහන්සේ” යන නම ඇසීමට ලැබීම පවා ලෝකයේ පරම දුර්ලභ වූත්, සුන්දරවූත් දෙයකි. එවන් නික්ලේශී පරම පිවිතුරු වූ දිවිපැවැත්මේ ආශ්චර්යවත් වූ තොරතුරු සවිස්තරව අසා දැනගැනීමට ඇත්නම් එය කෙතරම් භාග්‍යයක්ද? “ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා” නම් වූ මෙම උතුම් ග්රන්ථ රත්නයෙන් ඔබ වෙත තිළිණ වන්නේ ඒ උතුම් භාග්‍යයයි. ඛුද්දක නිකායට අයත් ථේර ථෙරි ගාථා නම් වූ උතුම් ග්රන්ථ රත්නයේ සරල සිංහල පරිවර්තනය වන මෙම ග්‍රන්ථය මුළුමනින්ම අරහත් මුනිවරුන්ගේ හදමඩලින් පැන නැගුණ උදාන ගාථාවන් වලිනි, පිරී ඉතිරී ඇත්තේ.
කා හටත් මනාව තේරුම් ගත හැකි, ඉතා මනස්කාන්ත වූ සරල සුගම බස්වහරකින් සරල සිංහලයට පරිවර්තනය වී ඇති මෙම උතුම් ග්රන්ථ රත්නය කියවන ඔබ දහම් රසයෙන් කුල්මත් වී යනු ඇත. මෙමඟින් දිගහැරෙන නිකෙලෙස් මුනිවර මුනිවරියන්ගේ නිරාමිස සිතුවිලි තුළින්, ඔබට ඒකාන්තයෙන්ම ඒ උතුම් රහතන් වහන්සේලා මුණගැසෙනු ඇත. ධර්මය දායාද කරගත් ඒ අසහාය උත්තමයන් වහන්සේලාගේ පරම පිවිතුරු හදමඩල ඔබ ඉදිරියේ විදහා දැක්වෙනු ඇත. ‘සංඝං සරණං ගච්ඡාමි’ යනුවෙන් අප සරණ ගිය සම්බුදු හද මඬලින් උපන් ශ්‍රාවක සංඝරත්නය මොනතරම් ආශ්චර්යවත්ද? මොනතරම් ශ්‍රේෂ්ඨද? මොනතරම් පිවිතුරුදැයි ඔබට පසක් වනු ඇත. “ඒකාන්තයෙන්ම ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්න වන සේක. ඒ උතුම් නිකෙලෙස් මුනිවරු බිහිකල ශ්‍රී සද්ධර්මය උතුම් තිසරණය කෙරෙහිම ඔබේ ප්‍රසාදය බලවත් වනු ඇත.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
| Weight | .35 kg |
|---|
රු 1,050.00
රු 1,200.00
Reviews
There are no reviews yet.