No products in the cart.
Return To Shop

රු 400.00
කෙටිකතාව ඉතා වටිනා කලාවකි. නමුත් “කලාවේ සැබෑ මෙහෙවර කුමක් විය යුතුද…?” යන්න නම් වර්තමානයේ කෙටිකතාව තුලින් මෙන්ම අනෙකුත් කලා මාධ්‍යයන්ගෙන්ද සමාජගත වන්නේද යන්න නම් ප්‍රශ්ණාර්ථයකි. කලාවේ සැබෑ මෙහෙවර හඳුනා නොගත් එවන් කලා නිර්මාණ වලින් මාර්ගෝපදේශනය ලබන වත්මන් සමාජය ගමන් කරන පරිහානිදායක දිශාවේ බිහිසුණු විපාක අද සියල්ලෝම භුක්ති විඳිති.
ගුණධර්ම වර්ධනයට මඟහසර විවර කරවන මාහැඟි කථාපුවත් ඇතුළත් සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, වංශකථා, කාව්‍ය ග්රන්ථ ආදිය, වත්මන් කලා මාධ්‍යයන් තුළින් සමාජගත වන්නේ ඉතා අල්ප වශයෙනි. එය සමස්ථ ජාතියේම අභාග්‍යයකි. එම උතුම් ග්රන්ථ රත්නයන් තුළින් ජන සමාජයට යහපත පිණිස පවතින වැදගත් තොරතුරු ලබාදුන්නෝ, අතීතයේ වැඩසිටි ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, මේරූ බුද්ධි ඇති භික්ෂූන් වහන්සේලාය.
ගුණදහමින් සුපෝෂිත ඒ උතුම් පැරණි සිංහල බණ කතාවන් ඇසුරින් නිර්මාණය වී ඇති මෙම කෙටිකථා සංග්‍රහය වර්තමානයේ සිටින කා හටත් මනාව තේරුම්ගත හැකි පරිද්දෙන් සරල සුගම බස් වහරකින් ඉදිරිපත් වී ඇත. මෙම මාහැඟි සදහම් ග්‍රන්ථය ඔබහට තිළිණ වන්නේ කල්‍යාණමිත්‍ර අපගේ ගුරුදේවෝත්තම කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ උතුම් ධර්ම ප්රචාරක වැඩපිළිවෙලේ තවත් එක් අංගයක් ලෙසිනි.
මෙම කෙටිකතා තුළින් ඔබහට ලබාදෙන්නේ සැබෑ ජීවිත අරුතයි. මෙය නැවත නැවත කියැවීමෙන් අයහපත පිණිස පවතින දුර්ගුණයන්ගෙන් මිදී යහපත පිණිස පවතින සොඳුරු ගුණධර්ම උපදවාගැනීමට උත්සහවත් වනු මැනව! ඔබගේත්, සමස්ථ සමාජයේත් යහපත කැමැතිව සත්පුරුෂ උතුමන් වහන්සේලා විසින් සුරචිතව ඔබ අතට පත්වන මෙම ග්‍රන්ථය ඉතා ගෞරවයෙන් පරිශීලනය කරමින් සත්පුරුෂ ගුණදහමින් සුපෝෂිත වෙත්වා!
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
| Weight | 0.28 kg |
|---|
රු 380.00
රු 320.00
Reviews
There are no reviews yet.