No products in the cart.
Return To Shop

රු 1,200.00
ශ්‍රී සද්ධර්මය වනාහී ප්‍රණීත රසැති මධු ගුලාවක් වැන්න. එහි කොයි පැත්තෙන් ගත්තත් රස වෑහෙන මී මධුමය. “සුත්ත නිපාතය” යනු එය මනාව පසක් කරවන සුන්දර දහම් කොට්ඨාසයකි. බොහෝ කලක් ප්‍රයෝජනයට නොගෙන සැඟවී පැවති නිධානයක් මතුකොට පෙන්වා දෙන්නාසේ මෙහි, ඛුද්දක නිකායට අයත් සුත්ත නිපාතය “අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති” නමින් ඔබ අතට පත්වන්නේ.
ගද්‍ය, පද්‍ය දෙ අනුසාරයෙන්ම ඉතා මනහර ලෙස සරල සිංහලයට පරිවර්තනය වී ඇති මෙම උතුම් ග්‍රන්ථය සම්පාදනයෙහි ලා කොතරම් නම් පරිශ්‍රමයක් දරා ඇත්දැයි ග්‍රන්ථය පරිශීලනයේදී ඔබට වැටහේවි. මනහර බුද්ධ දේශනා ගණනාවකින් සමන්විත මෙම ග්‍රන්ථය කියවන ඔබ සදහම් රස දහරින් කුල්මත් වී යනු ඇත. අමා නිවන් රස හැම දහම් පදයකම තිබේ. මේ සුන්දර දෙසුම් ඔබේ හද නැගෙන දුක් තැවුල් පිස දමයි. ඔබට සහනය ලබා දෙයි. ඔබේ බුද්ධියේ නිම් වළලු පුළුල් කරයි. ඔබේ විමසුම් නුවණ තියුණු කරවයි. ඔබට සුන්දරත්වයෙන් පිරීගිය අමරණීය ජීවිතයක් ලබාදෙයි.
මේ භගවත් දෙසුම් විවේක සිතින්…. යලි යලිත් කියවා තේරුම් ගැනීමෙන් “අහෝ ශ්‍රී සද්ධර්මය තුල බුදු සමිඳු ජීවමානව වැඩ සිටිනවා නොවේදැයි” ඔබට වැටහේවි. සැබෑවක්මය! ධර්මය දකින්නෝ තථාගතයන් වහන්සේව දුටුවෝය.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
| Weight | .525 kg |
|---|
රු 900.00
රු 900.00
Reviews
There are no reviews yet.