No products in the cart.
Return To Shopරු 500.00
අපි කවුරුත් දන්නා වූ ඉතා ප්රකට බුද්ද වචනයක් තිබේ. එනම් “යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති” (යමෙක් ධර්මය දකී නම් හේ මා (කවුරුන්දැයි මනාකොට) දැකගනී. මේ බුදු වචන මාතෘකා වශයෙන් තබාගෙනය, මෙම ග්රන්ථයට “බුදු සමිඳු දැකගනිමු” යන නම තබා ඇත්තේ.
ජීවිතයක් සැනසිලිදායක වන්නේ සැනසීම උදාකරවන ධර්මයක් මුණගැසීමෙනි. මානව වංශ කථාවේ එවන් අතිශයින්ම සුන්දර වූ සැනසිලිදායක වූ ධර්මයක් අපට පෙන්වා දී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පමණි. බුද්ධිය මනාකොට හැසිරවිය හැකි යෙමෙකුට උතුම් ශ්රී සද්ධර්මය තුලින් සැනසීම උදාකරගත හැක. ඒ වෙනුවෙන් සැදැහැවතුන් හට නිවැරදි ශ්රී සද්ධර්මය පෙන්වා දීමේ අරමුණෙන් අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මීට කලකට පෙර පවත්වන්නට යෙදුන අවබෝධාත්මක භාවනා වැඩමළුවන්හී දේශණා කරන ලද ධර්ම දේශනාවන් එකතුවකි, මෙසේ ග්රන්ථයක් ලෙසින් එළිදකිනු ලබන්නේ.
පෞද්ගලික මතවාද ඔස්සේ ධර්මයේ නාමයෙන් මිහිරි ශ්රී සද්ධර්මය වැසී ගිය යුගයට මෙම උතුම් දේශනා අඳුරේ සිටින දෑස් ඇතියනට රූප දැකීම පිණිස තෙල් පහන් දැල්වූවා සේය. සැදැහැවත් බෞද්ධ ලෝකයාගේ නෙත් සිත් විවර කරවන සුළු මෙම දෙසුම් යලි යලිත් කියවා සැනසිලිදායක ජීවිතයකට මං පෙත් විවර කරගත මැනව.
පාලි-සිංහල පිරුවානා පොත් වහන්සේ - Pali Sinhala Piruwana Poth Wahanse
Weight | .315 kg |
---|
රු 1,100.00
රු 300.00
Reviews
There are no reviews yet.