(+94) 076 8255 703, (+94) 070 511 7 511
Track Order
0 රු 0.00 0
0 Shopping Cart

No products in the cart.

Return To Shop
Shopping cart (0)
Subtotal: රු 0.00

View cartCheckout

Spend රු 2,000.00 more & get 10% discount. Congratulations! You've got 10% discount
  • Home
  • Books
  • CD & DVD
  • Blog
  • FAQs
  • Contact us
Log in / Sign up
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

Get 10% OFF!
Facebook YouTube Instagram TikTok
  • ගැඹුරු දහම සරල බසින්
  • විශේෂ දහම් පොත්
  • ජාතක කථා
  • පිරිත් සහ වන්දනා පොත්
  • කෙටි කතා
  • English Books
Home Shop

Products tagged “පටිච්ච සමුප්පාදය”

Filters
2 columns grid
3 columns grid
4 columns grid
List
More
  • 5 columns grid
  • 6 columns grid
Show
  • අසිරිමත් පසේබුදු පෙළහර - Asirimath Pasebudu Pelahara

    අසිරිමත් පසේබුදු පෙළහර - Asirimath Pasebudu Pelahara

    Rated 5.00 out of 5
    රු 420.00
  • නුවණ වැඩෙන බෝසත් කථා - 02

    නුවණ වැඩෙන බෝසත් කථා - 02

    Rated 5.00 out of 5
    රු 250.00
  • බුදු සමිඳු දැක ගනිමු - Budu Samindu Deka Ganimu

    බුදු සමිඳු දැක ගනිමු - Budu Samindu Deka Ganimu

    Rated 5.00 out of 5
    රු 900.00
කොහොමද පිහිට ලැබගන්නේ ? - Kohomada Pihita Lebaganne?
Quick View
රු 350.00
මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මජ්ඣිම නිකායේ ඇතුළත් මහා තණ්හාසංඛය සූත්‍රය විස්තර කරමින් පවත්වන ලද ධර්ම දේශනාවකි. සාති නම් භික්ෂුවක් තුළ ඇති වූ මිථ්‍යා දෘෂ්ටියක් මූලික කරගෙන අපගේ භාග්‍යවතුන් වහන්ස‍ේ විසින් මෙම මහා තණ්හාසංඛය සූත්‍ර දේශනාව වදාරන ලදී. මෙම සූත්‍රය තුළ විඤ්ඤාණය පිළිබඳවත්, පටිච්ච සමුප්පාදය පිළිබඳවත්, සම්මා දිට්ඨිය පිළිබඳවත්, බුදු සසුනෙහි පැවිදි බව ලබන භික්ෂුවක් තණ්හාව ගෙවා දමා විමුක්තිය සාක්ෂාත් කරන ආකාරය පිළිබඳවත් විස්තර වේ.
නිවැරදි ලෙස දහම දැකීම - Niweradi Lesa Dahama Dekeema
Quick View
රු 280.00
සංයුත්ත නිකායේ ඤාණවත්ථු සූත්‍රය හා දුතිය ඤාණවත්ථු සූත්‍රය ඇසුරෙන් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද ධර්ම දේශනා 2ක් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ. හේතුඵල ධර්ම න්‍යායට අනුව සංසාර දුක සකස්වීම (පටිච්ච සමුප්පාදය) චතුරාර්ය සත්‍යයට ගලපා නුවණින් විමසන පිළිවෙළ මෙම සූත්‍ර ‍දේශනාවන්හි විස්තර වේ.
නුවණ ලැබීමට මුල්වන දේ - Nuwana Lebeemata Mul Wana De
Quick View
රු 280.00
මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල දහම පිළිබඳ පැහැදිලි කරමින් සිදුකරන ලද ධර්ම දේශනා ‍දෙකකි. බුදුරජාණන් වහන්සේ වදාළ පරම ගම්භීර ධර්මයක් වන, බුද්ධ ශ්‍රාවකයන් විසින් නුවණින් විමසා අවබෝධ කරගත යුතු, ලෝක සත්වයාගේ ජීවිතය වසාගෙන පවතින, ජාති ජරා මරණාදී දුක්ඛයන් හටගැනීම පිණිස පිළිවෙළින් හේතු සැකසෙන ආකාරය විස්තර වන පටිච්ච සමුප්පාද ධර්මය පැහැදිලිව ඉගෙන ගනු කැමති අයට මෙම ග්‍රන්ථය මහා පිටුවහලකි.
Nuwaneththo Dakithi Dahama-front
Quick View
රු 320.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ සංයුත්ත නිකායේ ‍පරිවීමංසන සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. සෑම විදිහකින්ම මනාකොට සියලු දුක් ක්ෂය වී යන පරිද්දෙන් නුවණින් විමසන ආකාරයත්, එසේ නුවණින් විමසා අවිද්‍යාව ප්‍රහාණය කොට විද්‍යාව උපදවා ගත් ශ්‍රාවකයා තුළ පුඤ්ඤාභිසංඛාර - අපුඤ්ඤාභිසංඛාර - ආනෙඤ්ජාභිසංඛාර රැස් නොවීම පිළිබඳවත් ය පරිවීමංසන සූත්‍රයෙහි විස්තර වන්නේ.
පිහිටක් තියෙනවාමයි - Pihitak Thiyenawamayi
Quick View
රු 270.00
මෙම ග්‍රන්ථයේ ඇතුළත් වන්නේ දීඝ නිකායේ මහා නිදාන සූත්‍රය හා මජ්ඣිම නිකායේ ධනඤ්ජානි සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. මහා නිදාන සූත්‍රයෙහි සඳහන් වන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳ ගැඹුරු විග්‍රහයකි. සත්වයා සසරෙහි දිගින් දිගට යන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ නොවීම නිසාවෙනි. සසර දුකෙන් මිදෙනු කැමති සියලු දෙනා මේ පටිච්ච සමුප්පාද ධර්මය තමන්ගේ නැණ පමණින් ඉගෙන ගෙන තේරුම් ගැනීමට වීරිය කළ යුතුය. ධනඤ්ජානි සූත්‍රයෙහි සඳහන් වන්නේ ලෞකික ජීවිතයේ වැඩ කටයුතු නිසා ධර්මයේ හැසිරීම ප්‍රමාද කරමින් වාසය කළ තම ගිහි කල මිතුරාට සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් ලබාදුන් ඉතාමත් වටිනා අවවාදයකි. එම අවවාදය ඔබට ද අප්‍රමාදී බව ඇති කරගැනීම පිණිස උපකාරී වනු ඇත.
බුදු සමිඳු දැක ගනිමු - Budu Samindu Deka Ganimu
Quick View
රු 900.00
අපි කවුරුත් දන්නා වූ ඉතා ප්‍රකට බුද්ද වචනයක් තිබේ. එනම් "යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති" (යමෙක් ධර්මය දකී නම් හේ මා (කවුරුන්දැයි මනාකොට) දැකගනී. මේ බුදු වචන මාතෘකා වශයෙන් තබාගෙනය, මෙම ග්‍රන්ථයට “බුදු සමිඳු දැකගනිමු” යන නම තබා ඇත්තේ. ජීවිතයක් සැනසිලිදායක වන්නේ සැනසීම උදාකරවන ධර්මයක් මුණගැසීමෙනි. මානව වංශ කථාවේ එවන් අතිශයින්ම සුන්දර වූ සැනසිලිදායක වූ ධර්මයක් අපට පෙන්වා දී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පමණි. බුද්ධිය මනාකොට හැසිරවිය හැකි යෙමෙකුට උතුම් ශ්‍රී සද්ධර්මය තුලින් සැනසීම උදාකරගත හැක. ඒ වෙනුවෙන් සැදැහැවතුන් හට නිවැරදි ශ්‍රී සද්ධර්මය පෙන්වා දීමේ අරමුණෙන් අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මීට කලකට පෙර පවත්වන්නට යෙදුන අවබෝධාත්මක භාවනා වැඩමළුවන්හී දේශණා කරන ලද ධර්ම දේශනාවන් එකතුවකි, මෙසේ ග්‍රන්ථයක් ලෙසින් එළිදකිනු ලබන්නේ. පෞද්ගලික මතවාද ඔස්සේ ධර්මයේ නාමයෙන් මිහිරි ශ්‍රී සද්ධර්මය වැසී ගිය යුගයට මෙම උතුම් දේශනා අඳුරේ සිටින දෑස් ඇතියනට රූප දැකීම පිණිස තෙල් පහන් දැල්වූවා සේය. සැදැහැවත් බෞද්ධ ලෝකයාගේ නෙත් සිත් විවර කරවන සුළු මෙම දෙසුම් යලි යලිත් කියවා සැනසිලිදායක ජීවිතයකට මං පෙත් විවර කරගත මැනව.

Out of stock

මෙන්න දුකේ රහස - Menna Duke Rahasa
Quick View
රු 320.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ විපස්සී සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. ගුරු උපදෙස් රහිත වූ අවබෝධය පටිච්ච සමුප්පාදය හේතුඵල දහම බුදුවරුන්ගේ නුවණින් විමසීම
Read more
ලොවෙහි එකම සරණ - Lowehi Ekama Sarana
Quick View
රු 300.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්, 1. පින් කිරීමෙන් සැලසෙන යහපත හා රැකවරණය ගැනත්, 2. බෝධි මූලයේදී සියලු බුදුවරයන් වහන්සේලා විසින් සම්බුද්ධත්වය පිණිස නුවණින් විමසීම සිදුකරන්නේ කවර අයුරින් ද ගැන විස්තර වන විපස්සී සූත්‍රයත් ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාවන් ය.
විස්මිත අවබෝධය - Vismitha Awabodaya
Quick View
රු 700.00
"පටිච්ච සමුප්පාදය" යනු විස්මිත බුදු නුවණින් අවබෝධ කොට වදාළ හේතුඵල දහම පිළිබඳව වූ ආර්ය න්‍යාය යි. "යමෙක් පටිච්ච සමුප්පාදය දකියි ද, හේ ධර්මය දකියි" යනුවෙන් බුදු මුවින් දෙසා වදාළේ එහි ඇති පරම ගාම්භීර බව නිසා ම යි. තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයින්ගේ බුද්ධියේ නිම්වළලු පුළුල් කරදෙන්නේ පටිච්ච සමුප්පාදය මැ යි. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගැනීම වනාහී අමා නිවන් පුරට පිවිසෙන ස්වර්ණ ද්වාරයෙහි යතුර ලබාගැනීම වැන්න. එනිසා ම ධර්මාවබෝධයට කැමති කා හටත් පරම ගම්භීර වූ පටිච්ච සමුප්පාදය පිළිබඳව පැහැදිලි නිරවුල් වැටහීමක් තිබිය යුතු ම ය. “විස්මිත අවබෝධය” නම් වූ මේ උතුම් ග්‍රන්ථ රත්නය විස්මිත වූ තථාගත ශ්‍රී සද්ධර්මය කරා ඔබ රැගෙන යන මාර්ගෝපදේශකයෙක් වැන්න. සූත්‍ර පිටකය පුරාම විසිරී පවතින ධර්ම කාරණා ගෙනහැර දක්වමින් පටිච්ච සමුප්පාදය පිළිබඳව මෙහි දිගහැරෙන්නේ පරිපූර්ණ අර්ථ විවරණයකි. මේ බුදු සසුනේදී ම සසර දුකෙන් නිදහස්වීම පිණිස ශ්‍රී සද්ධර්මය ඔස්සේ තමන්ගේ චින්තනය මෙහෙයවා ගැනීම පිණිස ඔබ හට මෙහි ඇතුළත් දහම් කරුණු මහත් උපකාරයක් සලසනු ඇත. මේ උතුම් ග්‍රන්ථ රත්නය නිතර නිතර පරිශීලනය කරන ඔබට බුදුරජාණන් වහන්සේ සතු වූ අවබෝධය කෙතරම් විස්මිත දැයි පසක් වනු ඇත.
සංයුත්ත නිකාය 2 - Samyutta Nikaya 2
Quick View
රු 2,000.00
සංයුත්ත නිකාය යනු සද්ධර්ම සාගරයේ මුතු මැණික් දියමන්ති පිරවූ ස්වර්ණමය නෞකාවක් වැන්න. විදර්ශනා ප්‍රඥාව වහා ලබාදෙන ආශ්චර්යවත් දෙසුම්වලින් සමන්විත ධර්ම භාණ්ඩාගාරයක් වැන්න. සංයුත්ත නිකාය දෙවන කොටස වන මෙම නිදාන වර්ගයේ වැඩි වශයෙන් විස්තර වන්නේ පටිච්ච සමුප්පාද ධර්මය යි. සසරේ ඇති බියජනක ස්වභාවයත් සසර දුකින් මිදීමේ අවශ්‍යතාවත් මේ තුලින් පැහැදිලිව ඉස්මතු වෙනවා. මෙහි සංයුත්ත නමින් කොටස් නවයක් ඇතුලත් වෙනවා. එනම් අභිසමය සංයුත්තය, ධාතු සංයුත්තය, අනමතග්ග සංයුත්තය, කස්සප සංයුත්තය, ලාභසක්කාර සංයුත්තය, රාහුල සංයුත්තය, ලක්ඛණ සංයුත්තය, ඕපම්ම සංයුත්තය, භික්ඛු සංයුත්තය වශයෙනි. මෙහි සූත්‍ර 406 ක් ඇතුලත් ය.
  • නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    රු 2,770.00
  • බෝසත් කතා පොත් 21-30

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-3

    රු 2,720.00
  • බෝසත් කතා පොත් 11-20

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-2

    රු 2,150.00

Stay connected with us on social media

Facebook Instagram Tik-tok Youtube
Mahamegha Publishers Logo

Mahamegha Prakashakayo,
Waduwawa, Yatigaloluwa,
Polgahawela,
Sri Lanka.

  • Usefull Links

    • ත්‍රිපිටක පොත් වහන්සේලා

    • භාවනා සම්බන්ධ පොත්

    • අලුත් දහම් වැඩසටහන

    • පිරිත් සහ වන්දනා පොත්

    • ජාතක කථා පොත්

    • දහම් දේශනා පොත්

  • Customer Service

    • Contact Us

    • Privacy policy

    • Site Map

    • FAQs

  • My Account

    • My Account

    • Order History

    • Wish List

    • Blog

  • Categories

    • Books

    • CD

    • DVD

    • MP3

  • Promotions

    • 10% Discount

    • Send as a gift

    • Cash On Delivery

Need help? Call us: (+94) 076 8255 703, (+94) 070 511 7 511

Monday - Friday: 8:00 - 18:00 Saturday - Sunday 9:00 - 18:00

Chat on WhatsApp

Trending Tags

Product tags

Meditation Books අලුත් දහම් වැඩසටහන ඉතිහාස පොත් කෙටි කතා පොත් ගැඹුරු දහම සරල බසින් චිත්‍ර කථා ජාතක කථා ජාතක පොත දහම් ගැටළු නිතර භාවිතයට සුදුසු පොත් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය ප්‍රථමයෙන් කියවීමට සුදුසු පොත් පිරිත් සහ වන්දනා පොත් බුද්ධ චරිතය බෝසත් කථා භාවනා සම්බන්ධ පොත් මිළිඳු රාජ ප්‍රශ්නය රහතන් වහන්සේලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බුදු ගුණ සළායතන

© Copyright 2011 – 2024 | Mahamegha Prakashakayo | All Rights Reserved