මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ සුත්ත නිපාතයේ ආලවක සූත්‍රය හා සංයුත්ත නිකායේ පඤ්ච භයවේර සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. එම ධර්ම දේශනා ඔබට පහත සබැඳි ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

ආලවක සූත්‍රයෙහි සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ ආලවක යකු දමනය කළ කතා පුවත හා ආලවක යකු බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුරුත් ය. මෙම ග්‍රන්ථය තුළ අටුවා ග්‍රන්ථයන්හි ඇතුළත් විස්තර ද සහිතව ආලවක දමනය සිදු වූ ආකාරය දක්වා තිබේ.

ආර්ය ශ්‍රාවකයා සෝවාන් ඵලයට පත්වීම සඳහා පුරුදු කළ යුතු ධර්මයන් හා සෝවාන් වූ ශ්‍රාවකයා තුළ දක්නට ලැබෙන අංග පඤ්ච භයවේර සූත්‍රය තුළ විස්තර වේ. මෙම සූත්‍රය තුළ පෙන්වා දෙන කරුණු යම් කෙනෙකුගේ ජීවිතය තුළ ඇත්නම්, ඔහුට තමන් සෝවාන් ඵලයට පත්වූ ශ්‍රාවකයෙකු බවට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත හැකි වේ.

  1. ආලවක දමනය
  2. සෝවාන් වෙන්නේ කොහොමද?
Weight 0.14 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සැබෑ පිහිට හඳුනාගනිමු – Sebe Pihita Handuna Ganimu”

Your email address will not be published. Required fields are marked