No products in the cart.
Return To Shopරු 2,000.00
“මිළින්ද ප්රශ්ණය” වනාහී ඉතා පැරණි වූත් සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක්වූත් ග්රන්ථ රත්නයකි. සම්බුද්ධ පරිනිර්වානයෙන් පන්සිය වසරකට පසු වැඩ සිටි නාගසේන නම් වූ මහරහතන් වහන්සේත්, බැක්ට්රියන් රජෙකු වන මිළිඳු රජතුමාත් අතර ඇතිවූ දුර්ලභ ධර්ම සංවාදයකි, මෙහි අන්තර්ගත වන්නේ. නාගසේන මහරහතන් වහන්සේගේ මනහර ප්රඥාභාවයන්, ඉවසීමත්, අවබෝධයත්, ශාස්තෘ ගෞරවයත් මුළු ග්රන්ථ රත්නය පුරාම දක්නට ලැබෙයි. මිළිඳු රජුද, තීක්ෂණ වූ විමංසනශීලී කුසලතාවයකින් යුතු වූවෙකි. මිළිඳු රජුගේ අතිබලසම්පන්න වූ රාජ්ය සෘද්ධිය නාගසේන මහරහතන් වහන්සේගේ අරහත් සෘද්ධිය ඉදිරියේ වශීකෘතභාවයට පත්වන අයුරුය මූලාරම්භයේ සිට අවසානය තෙක් දිස්වන්නේ.
මෙම දහම් සංවාදයෙන් ඉස්මතුවන දහම් කරුණු ඉතා අගනේය. අප හටද අතිශයින්ම ප්රයෝජනවත්ය. කොතරම් දහම් දැනුම තිබුණත් ඇතැම් දහම් ගැටලු විසඳා ගැනීමෙහිලා මෙමගින් ලැබෙන ආලෝකය අතිමහත්ය. මින් පෙරද මිළින්ද ප්රශ්ණය නමින් සිංහලෙන් පොත් පලවී ඇතත් මෙය ඉතා සරල භාෂාවකින් අන්වාදිත හෙයින් පහසුවෙන් තේරුම්ගත හැකි වනු ඇත. ඤාණපිපාසිතයන් හට මෙය මහත් අස්වැසිල්ලක් වනු ඇත. ඉතා සොඳුරු ධර්මාස්වාදයක් ලැබිය හැකි මෙම උතුම් ග්රන්ථ රත්නය කොටස් හතරකින් යුතු පොත් පෙළක් වශයෙන් ඔබ අතට පත් වී ඇත.
Weight | 0.82 kg |
---|
රු 700.00
රු 450.00
Reviews
There are no reviews yet.