රු 420.00
“පසේබුදු රජාණන් වහන්සේලා….”
මහා වීරියකින් හා නුවණකින් හෙබි,
අත්‍යන්ත හුදෙකලාවේ කල් ගෙවූ ඒ උතුමන් වහන්සේලා
ජීවිතාවබෝධය ලද අයුරු කියැවෙන,
සුත්ත නිපාතයේ ඛග්ගවිසාණ සූත්‍රයෙහි ඇතුළත් උදාන ගාථා ඇසුරින්
දැන ගැනීමට අවැසි පිනැතියනට..දැන්..
මග හසර විවර වී තිබේ.
දැවෙනා හදින් යුතු, ලතැවුලින් පිරී ගිය සත් වගට.. සිහිල් දිය දහරක් බඳු වූ….
හුදෙකලාව ම කෙලෙස් නසා…අප්රකටව ම නික්ම වැඩි
ඒ අසිරිමත් මුනිවරුන්ගේ ජීවන වෘත්තාන්ත…
ඔබත් කියවන්න… සිත පහදා ගන්න…. ඒ උතුමන්ට වන්දනා කරන්න…
මේ….ඒ අසිරිමත් පසේබුදු පෙළහර යි…
අතීත, අනාගත, වර්තමාන යන සියලු කාලයන් පිළිබඳව අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සතුවූයේ අතිශය විස්මිත වූත්, අචින්තනීය වූත් පරම ගම්භීර අවබෝධයකි. ආරම්භක කෙළවරක් පැනවිය නොහැකි දීර්ඝ සසරක කාලයේ වැලිතලාවෙන් වැසී සැඟවීගිය අතිශය විස්මිත තොරතුරු අපහට යන්තමින් හෝ දැනගන්නට ලැබෙන්නේ ඒ අසිරිමත් බුදුනුවණේ උපකාරයෙනි. දුකම උරුමකරගත් එවන් බිහිසුණු සසර ගමනේ ඉතාමත් දුලභව නමුත් පහළවන ආශ්චර්යවත් වූ මනුශ්‍ය රත්නයන් පිළිබඳව අසා දැනගෙන සිත් පහදවා ගන්නට ලැබීමත් මොනතරම් භාග්‍යයක්ද!
සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට පමණක්ම දෙවැනි වන ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයන් වන පසේබුදු රජාණන් වහන්සේලාගේ යුගයක් පිළිබඳව අතිශය දුර්ලභ සොඳුරු විවරණයක් සබ්බඤ්ඤූත ඥාණයෙන් හෙබි අපගේ ශාස්තෘන් වහන්සේ විසින් දේශනාකොට වදාළ සේක. පරම පිවිතුරු විරාගී දිවිපැවැත්මෙන් යුතුව නිකෙලෙස් ගුණ දරා හුදෙකලාවේම වැඩසිටිමින් හුදෙකලාවේම පිරිනිවන් වැඩි ඒ මහෝත්තමයන් වහන්සේලාගේ ජීවන තොරතුරු අතිශයින්ම සුන්දරය. ඒ උතුම් පසේබුදු රජාණන් වහන්සේලා සිහිපත් කරමින් වන්දනා කළයුතුයි යන්වෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්රාවකයින් හට අවවාද කොට වදාළේ ඒ නිසාමැයි.
ඛුද්දක නිකායට අයත් සුත්ත නිපාතයේ එන “ඛග්ගවිසාණ” සූත්‍රයත් එහි අටුවා කථාත් ගලපමින් “අසිරිමත් පසේබුදු පෙළහර” නමින් දිනමිණ පුවත්පතේ පළවූ ලිපිපෙළක එකතුවෙනි, මෙම මාහැඟි ග්රන්ථ රත්නය නිර්මාණය වන්නේ. පසේබුදු රජාණන් වහන්සේලාගේ ජීවිත තුළ දකින්නට ලැබුණු සොඳුරු ගුණදහම් මනාව ඉස්මතු කරමින් ශ්‍රද්ධාව උද්දීපනය කරවන අයුරින් මෙම ලිපි පෙළ රචනා වී ඇත්තේද අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතිනි.
තනි අඟකින් යුත් කඟවේනකු සේ පරම පිවිතුරු විරාගී බවින් අගතැන්පත්, හුදකලාවේ වැඩසිටිමින් ලොවට යහපත උදාකළ ඒ පරමෝත්තම පසේබුදු රජාණන් වහන්සේලා ගැන සිත් පහදවා ගත මැනව! උන්වහන්සේලා හට අප්‍රමාදීව වන්දනා කළ මැනව! අතිශය දුර්ලභ මහත්ඵල මහානිසංස පුණ්‍ය ගංගාවක් උපදවා ගත මැනව!
Weight | 0.24 kg |
---|
රු 250.00
රු 280.00
Nilaksha –
මේ පොත කවද්ද අලුතෙන් ආයේ එන්නේ,,,මිලදී ගන්න බලාගෙන ඉන්නේ…ඒත් out of stock කියලා තාම තියෙන්නේ ….
harischandra (verified owner) –
නමෝ බුද්ධාය.!
හිතවත් මහත්මයාණෙනි,
මෙම පොත් වහන්සේ නැවත මුද්‍රණය ටිකක් ප්‍රමාද වෙනවා. මුද්‍රණය කළ පසු වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.