මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ ඨාන සූත්‍රය හා දීඝ නිකායේ මහා ගෝවින්ද සූත්‍රයෙහි ඇතුළත් සක්දෙවිඳුගේ බුදුගුණ වරුණ ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. එම ධර්ම දේශනා ඔබට පහත සබැඳි ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා නිතර සිහි කළයුතු කාරණා 5ක් හා එම කාරණා 5 නිතර නිතර සිහි කිරීමෙන් ආර්ය ශ්‍රාවකයා ධර්ම මාර්ගයට බැසගන්නා ආකාරයත් ගැන ය ඨාන සූත්‍රයෙහි විස්තර වන්නේ.

මහා ගෝවින්ද සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්මභාවයක් ගැන තව්තිසා දෙව්ලොවදී දෙව් පිරිසට සනංකුමාර මහබඹු විසින් පැවසූ අයුරු විස්තර වේ. එහි මුල් කොටසේ සක්දෙවිඳුන් විසින් තව්තිසා දෙව් පිරිසට බුදුරජාණන් වහන්සේ තුළ ඇති ගුණ අටක් පිළිබඳ කළ විස්තරයක් සඳහන් වේ.

  1. නිතර සිහි කළයුතු කරුණු පහක් – ඨාන සූත්‍රය
  2. දෙව්ලොවේ රැව්නැගූ බුදුගුණ වරුණ
Weight 0.12 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දිව්‍ය සභාවක අසිරිය – Diwya Sabhawaka Asiriya”

Your email address will not be published. Required fields are marked