රු 700.00
“පටිච්ච සමුප්පාදය” යනු විස්මිත බුදු නුවණින් අවබෝධ කොට වදාළ හේතුඵල දහම පිළිබඳව වූ ආර්ය න්‍යාය යි. “යමෙක් පටිච්ච සමුප්පාදය දකියි ද, හේ ධර්මය දකියි” යනුවෙන් බුදු මුවින් දෙසා වදාළේ එහි ඇති පරම ගාම්භීර බව නිසා ම යි. තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයින්ගේ බුද්ධියේ නිම්වළලු පුළුල් කරදෙන්නේ පටිච්ච සමුප්පාදය මැ යි. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගැනීම වනාහී අමා නිවන් පුරට පිවිසෙන ස්වර්ණ ද්වාරයෙහි යතුර ලබාගැනීම වැන්න. එනිසා ම ධර්මාවබෝධයට කැමති කා හටත් පරම ගම්භීර වූ පටිච්ච සමුප්පාදය පිළිබඳව පැහැදිලි නිරවුල් වැටහීමක් තිබිය යුතු ම ය.
“විස්මිත අවබෝධය” නම් වූ මේ උතුම් ග්රන්ථ රත්නය විස්මිත වූ තථාගත ශ්‍රී සද්ධර්මය කරා ඔබ රැගෙන යන මාර්ගෝපදේශකයෙක් වැන්න. සූත්‍ර පිටකය පුරාම විසිරී පවතින ධර්ම කාරණා ගෙනහැර දක්වමින් පටිච්ච සමුප්පාදය පිළිබඳව මෙහි දිගහැරෙන්නේ පරිපූර්ණ අර්ථ විවරණයකි. මේ බුදු සසුනේදී ම සසර දුකෙන් නිදහස්වීම පිණිස ශ්‍රී සද්ධර්මය ඔස්සේ තමන්ගේ චින්තනය මෙහෙයවා ගැනීම පිණිස ඔබ හට මෙහි ඇතුළත් දහම් කරුණු මහත් උපකාරයක් සලසනු ඇත. මේ උතුම් ග්රන්ථ රත්නය නිතර නිතර පරිශීලනය කරන ඔබට බුදුරජාණන් වහන්සේ සතු වූ අවබෝධය කෙතරම් විස්මිත දැයි පසක් වනු ඇත.
Weight | .286 kg |
---|
රු 500.00
රු 400.00
Reviews
There are no reviews yet.