මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ කාලාම සූත්‍රය හා සංයුත්ත නිකායේ ‍ධජග්ග සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. එම ධර්ම දේශනා ඔබට පහත සබැඳි ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

කේසපුත්ත නියම්ගමේ කාලාමවරුන් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ අනුන්ගෙන් අසන්ට ලැබෙන දෘෂ්ටි හා මතවාද තමන්ම නුවණින් විමසා පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කළ යුතු ආකාරය ගැන ‍කාලාම සූත්‍රයෙහි විස්තර වේ. මෙම දෙසුම වර්තමානයේ බොහෝ දෙනෙකු වරදවා විස්තර කිරීම නිසා උතුම් බුද්ධ දේශනාවන් පවා ප්‍රතික්ෂේප කරන තත්වයකට බෞද්ධ සමාජය ඇද වැටී තිබේ. එම නිසා සම්පූර්ණ විස්තර දැන ගැනීමට මෙම ග්‍රන්ථය ඔබට උපකාරී වනු ඇත.

තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයාට බියක්, තැතිගැනීමක් ඇති වූ වෙලාවට උතුම් තෙරුවන් සිහි කොට එම භය තැතිගැනීම් දුරු කර ගත හැකි බව ධජග්ග සූත්‍රයෙහි විස්තර වේ. කුඩා කල සිට ම අප කවුරුත් සිතට භයක් ඇති වූ විගස ඉතිපි සෝ ගාථාව සිහි කරන්නේ මෙම උතුම් දෙසුමේ පිහිට නිසා ය. බිය වූ විට ඉතිපි සෝ ගාථාව කීම විහිළුවට ගත යුතු දෙයක් නොව, අපගේ ජීවිතවලට ආරක්ෂාව සලසන උතුම් පිරිතක් බව කවුරුත් මතක තබාගත යුතුය.

  1. කාලාම සූත්‍රයේ සැබෑ පණිවිඩය
  2. බිය තැතිගැනීම් ඇතිවූ විට කළයුතු දේ

 

Weight 0.18 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දැන ගියොත් තිසරණයේ – Dena Giyoth Thisaranaye”

Your email address will not be published. Required fields are marked