පොත ගැන

අප භාග්‍යවතුන් වහන්සේගේ මහාශ්‍රාවක සඟරුවන අතර ආනන්ද මහරහතන් වහන්සේගේ නම කියන විට ම මුළු මහත් බෞද්ධ ලෝකයාගේ සිතෙහි උන්වහන්සේ පිළිබඳව මහත් ආදර ගෞරවයක් නිතැතින් ම හටගනී. එයට ප්‍රධාන හේතුව නම් අනඳ මහතෙරුන් විසිපස් වසක් පුරා සිය සදාදරණීය ශාස්තෘන් වහන්සේට නිබඳ කැපවීමෙකින් උපස්ථානයන් කිරීම ය. එසේ ම, බුද්ධ දේශනා කියවීමේ දී ද ආනන්ද නාමය නිතර ම හමුවේ.

අප ගේ අනඳ මහතෙරුන් පිළිබඳව බොහෝ තොරතුරු ඇතත් ඒ සියල්ල ම එක්කොට පොතක් ලිවීම පහසු නැත. එහෙත් අනඳ මහතෙරුන් පිළිබඳ දතයුතු බොහෝ වැදගත් කරුණු කාරණා මේ පොතෙහි සඳහන් ය. ඇතැම්විට ඒවා ඉතා අනුවේදනීය ය.

අනඳ මහතෙරුන් බඳු සත්පුරුෂ උතුමෙකුගේ උත්තුංග චරිතාපදානය මෙපමණෙකින් හෝ ලියන්ට ලැබීම කෙනෙකුට ලැබෙන අතිමහත් භාග්‍යයක් යැයි සිතේ. ඔබත් මේ පොත අවසන් වනතුරු කියවුව මැනව. අනඳ මහරහතන් වහන්සේ පිළිබඳව සිත පහන් කරගත මැනව. ඒ මහෝත්තමයන් වහන්සේගේ අසිරිමත් දිවිසැරිය දැනගන්ට ලැබීම වාසනාවක් කොට සැලකුව මැනව. එය කවදා හෝ ඔබට පිහිට වනු ඇත.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

Weight 0.23 kg

2 reviews for සම්බුදු සුවඳේ පහස ලත් අනඳ මහතෙරණුවෝ – Ananda Maha Theranuwo

  1. Sachin Konara (verified owner)

    A simple and beautifully written book about Arahat Ananda Maha Thero.

  2. K.K.Dumindu Hansaka

    සාධු….සාධු….සාධූ…..ඒ අරහත් ගෞතම සම්බුදු භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!…

Add a review

Your email address will not be published. Required fields are marked