මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ රථවිනීත සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. එම ධර්ම දේශනා ඔබට පහත සබැඳි ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

මන්තාණිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ යනු නිතරම දස කථාවෙන් අනෙක් භික්ෂූන් වහන්සේලාට අනුග්‍රහ කරන මහරහතන් වහන්සේ නමකි. උන්වහන්සේගේ ගුණ ඝෝෂාව ඇසූ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේට ද පුණ්ණ මහරහතන් වහන්සේව දැකගැනීමේ අදහසක් ඇති වී තිබුණි. දිනක් ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේට උන්වහන්සේ සමග සප්ත විසුද්ධි පිළිබඳව ධර්ම සාකච්ඡාවක යෙදෙන්නට අවකාශ සැලසුණේය. සාකච්ඡාව අවසන් වූ පසු ය පුණ්ණ මහරහතන් වහන්සේ දැනගත්තේ තමන් මෙතෙක් වෙලා කතා කරමින් සිට ඇත්තේ ධර්ම සේනාධිපතීන් වහන්සේ සමග ය කියා. එම අසිරිමත් සිදුවීම සහ සාකච්ඡාවත්, දසකථා පිළිබඳ වැඩි විස්තරත් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ.

  1. මිථ්‍යා මගඵල සහ දස කථාව පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක්
  2. සප්ත විශුද්ධි
Weight 0.15 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විහින් අමාරුවේ වැටෙන්න එපා! – Wihin Amaruwe Wetenna Epa!”

Your email address will not be published. Required fields are marked