[fusion_youtube id=”pBlX9HkwUSY” alignment=”” width=”” height=”” autoplay=”false” api_params=”” hide_on_mobile=”small-visibility,medium-visibility,large-visibility” class=”” css_id=””][/fusion_youtube]

 

 

 

[fusion_title title_type=”text” rotation_effect=”bounceIn” display_time=”1200″ highlight_effect=”circle” loop_animation=”off” highlight_width=”9″ highlight_top_margin=”0″ before_text=”” rotation_text=”” highlight_text=”” after_text=”” hide_on_mobile=”small-visibility,medium-visibility,large-visibility” sticky_display=”normal,sticky” class=”” id=”” content_align_medium=”” content_align_small=”” content_align=”left” size=”1″ font_size=”” animated_font_size=”” fusion_font_family_title_font=”” fusion_font_variant_title_font=”” line_height=”” letter_spacing=”” text_shadow=”no” text_shadow_vertical=”” text_shadow_horizontal=”” text_shadow_blur=”0″ text_shadow_color=”” margin_top_medium=”” margin_bottom_medium=”” margin_top_small=”” margin_bottom_small=”” margin_top=”” margin_bottom=”” margin_top_mobile=”” margin_bottom_mobile=”” text_color=”” animated_text_color=”” highlight_color=”” style_type=”default” sep_color=”” animation_type=”” animation_direction=”left” animation_speed=”0.3″ animation_offset=””]

පෙරවදනෙන් උපුටාගත් කොටසක්

[/fusion_title]

මෙයින් සියදහසක් අධික කොටැ අසංඛෙය්‍ය සිව් කපකට පෙරැ දීපංකර නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොවැ පහළ වැ සිටියහ. එසඳ අප මහබෝසත් තෙමේ දඹදිව උපත ලැබ සුමේධ නම් ඉර්ධිමත් මහා තවුසෙක් ව හිමාලයෙහි වුසුයේය.

දිනක් සුමේධ තවුස් තෙමේ ඉර්ධියෙන් අහසින් යමින් සිටියදී රම්‍යපුර නම් පෙදෙසෙක මිනිසුන් ඉතා වෙහෙස මහන්සි වී මාවතක් සකසන අයුරු දිට. වහා බිමට බට හේ ඔවුන්ගෙන් මෙසේ විචාළේය.

“භවත්නි, තෙපි කිනම් කරුණකට මේ සා වෙහෙසී මේ මාවත සරසව් ද? රජතුමාණෝ මෙහි සැපත් වෙත් ද? නො එසේ නම් රජු සහිත සේනාවෝ පැමිණෙත් ද?”

“තපස්වීන් වහන්ස, හැයි! නොදන්නා සේක් ද? අපගේ දීපංකර භගවතාණෝ අද අප ගමට වඩනා සේක. අප විසින් මග සරසනු ලබන්නේ එහෙයිනි.”

“මැනවි…. මැනවි…. පින්වත්නි, එසේ නම් මා හටත් මේ සරසන මාවතේ කොටසක් දෙව්. ඒ උතුමා වෙනුවෙන් මම් ද මාවත සරසන්නෙමි.”

එකල්හි ඔවුහු සැරසීමට දුෂ්කර වූ මඩ වගුරෙන් ගැවැසීගත් කොටසෙක් සුමේධ තවුස් හට දුන්නෝය. එය ඉතා සතුටින් භාරගත් තවුස් තෙමේ ‘අහෝ…! බුද්ධ යන නාමය පවා ඇසීම ලොවෙහි ඉතා දුර්ලභ ය.

එබඳු පරම දුලබ ශාස්තෘහු වඩින මාවත යැ මා හට සරසන්ට ලැබුණේ. එහෙයින් මම් ද මා සතු ඉර්ධි බලය නොයොදවා දෑතේ වීර්යයෙන් ම මග සැකැසුව මනා යැ’ යි සිතා උදැල්ලක් හා පැසක් ඉල්ලාගෙන දහඩිය වගුරුවමින් මග සකසන්ට පටන් ගති.

තවුස් හට තමා භාරගත් මාවත් කොටස නිම කරන්ට ඉඩ නොලැබුණි. දීපංකර බුදුරදාණන් රහත් සඟ ගණ පිරිවරා එමගින් වඩිනයුරු දකින්ට ලැබුණි. තවුස් තෙමේ සැණෙකින් කලබලයට පත්විය. වහා උදැල්ලත් පැසත් පසෙක දැමීයැ. මාවතෙහි මඩ දෙස බලා සිටියේ යැ. ‘අහෝ…! මෙය අවසන් කරන්ට මට නොහැකි විය. මම් දැන් කුමක් කෙරෙම් ද! බුදුරදාණෝ දැන් මඩ මතින් වඩනා සේක් ද! නැත… නැත… මෙතුමන්ට මඩ මතින් වඩින්ට දීම අයුත්තෙකි’ යි සිතා දීපංකර භාග්‍යවතුන් වහන්සේ වඩිනා මාවත ඉදිරියේ මඩ මතැ මුනින් වැතිරැ ගත්තේය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මට කමා කළ මැනව. මවිසින් ලබාගත් මාවත් කොටස අවසන් කරගන්ට නොහැකි විය. භාග්‍යවතුන් වහන්ස, මඩ මතට නො වැ මා පිට මත සිරිපතුල් තබා මඩ නොතැවැරී සුවසේ වඩනා සේක්වා!”

එකල්හි එතැනට වැඩි දීපංකර භාග්‍යවතුන් වහන්සේ සඟරුවන අමතා මෙවදන් බිණූ සේක. “බලව් පින්වත් මහණෙනි, මේ තවුසා දෙස! මෙතෙමේ තථාගතයනට දිවි පුදා පා පිස්නා බිස්සෙක් සෙයින් මඩ මතැ මුනින් වැතිරුණේය. මහණෙනි, මෙතෙමේ හුදු ප්‍රකෘති තවුසෙක් නොවේ. ශූර වීර ධීර ගුණැති මහා ඍද්ධිමත් ඍෂිවරයෙකි. එමතු ද නොවේ; මෙතෙමේ බුද්ධාංකුරයෙකි. මෙතැන් පටන් සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් ගෙවුන තැන මා සෙයින් මැ බුද්ධත්වයට පත්වන්නේය. ගෞතම නමින් තථාගත අර්හත් සම්මා සම්බුදුවරයෙක් වන්නේය.” යනුවෙන් නියත විවරණ දුන් සේක.

දීපංකර භගවතුන් වදාළ එ වදන් අප මහබෝසත්හුගේ හදෙහි කිඳාබැසගති. ඒ වනාහී බෝසත්හුගේ සාංසාරික ගමනේ අසිරිමත් හැරවුම් ලක්ෂය වී. එතැන් පටන් හේ පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී වශයෙන් දස පාරමී දම් සපුරාගනු වස් සසරෙහි ලද සියලු උපත් කැප කෙළේය. ඒ දස පාරමී දම් මොනවාද යත්;

  1. දන් දීම පිළිබඳ පාරමිතාව යැ.
  2. සිල් සුරැකීම පිළිබඳ පාරමිතාව යැ.
  3. ගිහි ජීවිතය අත්හැරැ පැවිදි වීම පිළිබඳ නෙක්ඛම්ම පාරමිතාව යැ.
  4. නුවණින් විමසා ක්‍රියා කිරීම පිළිබඳ ප්‍රඥා පාරමිතාව යැ.
  5. ගුණදම් දියුණු කරගැනීමට අධිකව වෙහෙසීම පිළිබඳ වීර්යය පාරමිතාව යැ.
  6. අන්‍යයන් විසින් කරනු ලබන ඕනෑම කරදර පීඩාවකදී අකම්පිත වැ ඉවසා සිටීම පිළිබඳ ක්ෂාන්ති පාරමිතාව යැ.
  7. බොරුවෙන් කිසිවෙකු හෝ නොරවටා සත්‍යයෙහි පිහිටා සිටීම පිළිබඳ සත්‍ය පාරමිතාව යැ.
  8. සිය අධිෂ්ඨානය නොවෙනස් වැ අඛණ්ඩව පවත්වා ගැනීම පිළිබඳ අධිෂ්ඨාන පාරමිතාව යැ.
  9. සියලු සත්වයන් කෙරෙහි මෙත් පැතිරැවීම පිළිබඳ මෛත්‍රී පාරමිතාව යැ.
  10. හැම කල්හි නොසැලී මධ්‍යස්ථ ව කටයුතු කිරීම පිළිබඳ උපේක්ෂා පාරමිතාව යැ වශයෙනි.

අප මහ බෝසතාණන් හට ශ්‍රී සම්බුද්ධත්වය පිණිස මෙකී පාරමී දම් සපුරා ගැනීමට සාරාසංඛෙය්‍යකුත් කල්ප ලක්ෂයක කාලයක් ගෙවුණේය.

පාරමී දම් පිරීමේදී බෝසත්හට ලොවෙන් බොහෝ විට ලැබුණේ උපකාර නොවේ. බාධා පැමිණවීම් යැ. හිංසා යැ. අනේක ගැරහුම් යැ. කෙණෙහිලි යැ. එසේ නමුදු ඒ සියල්ල ඉවසා දරා පාරමී දම් පිරීමේ ස්වකීය කෘත්‍යය අත්නොහැර පැවැත්වීමට හේ සමත් විය. අප මහබෝසත්හුගේ අවසන් ආත්මභාවය වූයේ වෙසතුරු උපත යි.

අප මහබෝසතුන් වෙසතුරු උපතේදී වඩාත් කැප වූයේ දානයට ය. දානය නිසා මැ එතුමන්ට නොයෙක් නින්දා අපහාස ගැරහුම්වලට මුහුණ දෙන්නට සිදුවීම පමණක් නොව සිය රට ද අත්හැර වන වැදී නොයෙක් ගැහැට විඳින්ට ද සිදුවිය. බෝධිසත්වයෙකුගේ පාරමී පිරීම පිළිබඳව තේරුම් ගැනීම එතරම් පහසු කරුණෙක් නොවේ. කෙසේ නමුත් අප මහබෝධිසත්වයෝ සියලු දුෂ්කරතා මැඩ දාන පාරමිතාව මෙන්ම අනෙක් පාරමිතාවන් ද මුදුන්පත් කරගන්ට සමත් වූහ. අසිරියෙකි!

මෙම වෙස්සන්තර ජාතකය වනාහී ඉතා අනුවේදනීය කථාවකි. හද සසළ කරවන්නකි. කඳුළු නොහෙළා, සුසුම් නොහෙළා නොකිව හැකි තරම් යැ. වෙස්සන්තර ආත්මභාවයේදී මහාබෝසතුන් විසින් පරිත්‍යාග කරන ලද අසාමාන්‍ය අද්භූත දානය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ නිතැතින් ම විස්මය පැන නගී!

සිංහල සාහිත්‍යයෙහි වෙසතුරු දාවට හිමිවන්නේ උතුම් තැනෙකි. එකලැ අප මුතුන් මිත්තෝ කිසියම් දුකෙකින් ළය පෑරුණු කල්හි වෙසතුරු දා හඬ නගා කියා දුක් තුනී කැරැගත්තෝය. එමෙන්ම බොදු සිතුවම් කලායෙහි ද වෙසතුරු දාවට ලැබෙන්නේ මහත් මැ තැනෙකි. නමුත් මෙකල වෙස්සන්තර ජාතකය යනු කුමක්දැයි හරි හැටි දන්නෝ පවා විරලයහ. වෙස්සන්තර ජාතකය කියැවීමෙන් දහම් රසය ලැබෙයි. සංවේගය ඇති වෙයි. වියෝ දුක දැනෙයි. නොකිලිටි පිවිතුරු සෙනෙහස නමැති හූයෙන් දාන පාරමී නම් මුතුවැල බෝසතුන් විසින් ගොතනා අයුරු ඉතා මනහර යැ.

මෙය නැවත නැවත කියවා රස විඳිය හැකිය. එමෙන්ම අප භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ද මහා බැති සිතෙක් උපදියි. එහෙයින් මෙය දිවියෙහි දුක් කම්කටොලු පිස දමා සිත පහන් කරවයි. මෙය නිතර කියවීම, සිය දරුවනට කියවන්ට දීම, කවරෙකුට නමුත් වර්ණනා විෂයාතික්‍රාන්ත ආධ්‍යාත්ම රසයෙක් විඳිය හැකි අපූර්ව බෝසත් කථාවෙකි!

හැමට තෙරුවන් සරණ වේවා!

මෙයට,
ගෞතම බුදු සසුන තුළ
මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ශ්‍රී බු.ව. 2563 උඳුවප් මස 23 දින (2019.12.23)

Weight 0.256 kg

2 reviews for සිරිමත් වෙසතුරු දාව (නුවණ වැඩෙන බෝසත් කථා)

  1. Elesnona

    අසිරිමත් වෙසතුරු දාව

  2. Chathuranga

    අසිරිමත් වෙසතුරු දාව

Add a review

Your email address will not be published. Required fields are marked